තුර්කි ගුවන් සේවය නැවතත් කොළඹ සිට ගමන් අරඹයි

තුර්කියේ ජාතික ගුවන් සේවය වන වසර ගණනාවක් යුරෝපයේ හොදම ගුවන් සේවා ආයතනය ලෙස සම්මාන ලැබූ Turkish Airlines මාර්තු මාසයට පසුව නැවතත් ඉස්තාන්බුල් සහ කොළඹ අතර ගුවන් ගමන් ජූලි 24 සිකුරාදා සිට නැවතත් මාලදිවයින හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි .

මාස කිහිපයකට පසුව ඔවුන් ගමනාන්ත කිහිපයක් වෙතම මෙම මස ගමන් ආරම්භ කර තිබේ .එය යුරෝපයේ, ආසියාවේ, අප්‍රිකාවේ සහ ඇමරිකාවේ ගමනාන්ත 315 ක් සඳහා නියමිත සේවාවන් ක්‍රියාත්මක කරන අතර මගී ගමනාන්ත ගණන අනුව ලෝකයේ විශාලතම ප්‍රධාන ගුවන් සේවය බවට එය පත්වේ.

දැනට කොළඹ සිට සතියට එක්  ගමන් වාරයක් පමණක්  ක්‍රියාත්මක කිරීමට නියමිතය . මෙමගින් ඉතාලියේ නගර කිහිපයකට ගමන් කිරීමේ පහසුකම ලැබෙන අතර අගෝස්තු මාසය තුලද මෙය ක්‍රියාත්මක වීමට බොහෝ ඉඩකඩ ඇත .

Flight Number Departure :Colombo Arrival :Istanbul
TK731 17:20 01:45+1

Turkish Airlines July & August 2020 Flight Plan

Spread the love

LEAVE A COMMENT

× WhatsApp