මැයි 21 සිට 31 දක්වා ශ්‍රී ලංකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවයි .

2021 මැයි 21 දින රාත්‍රී 12 සිට , 2021 මැයි 31 වන දින රාත්‍රී 12 දක්වා ගුවන් මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වීම නතර කිරීමට රජය විසින් තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සියලුම ගුවන් සමාගම් වෙත මේ කාලය තුල මගීන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවසර නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් දන්වා ඇත .

මෙරටින් විදේශගත වන මගීන් සදහා මෙමගින් සීමාවන් පනවා නොමැත .

Covid-19 රෝග වසංගතය රට තුලට පැමිණීම වැලක්වීම උදෙසා මෙම නියාමනය ක්‍රියාත්මක වේ.

Spread the love

LEAVE A COMMENT

× WhatsApp