නිරෝධායනය නැතිව ලංකාවට යන්න.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ට ආදාළ නිරෝධායන ක්‍රමවේදය යාවත්කාලීන කර තිබේ.

ඔහු ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත්කර තිබේ.

එහි දැක්වෙන්නේ, මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයෙක් හෝ ද්විත්ව පුරවැසියෙක් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2කම ලබාගෙන සති දෙකක් ගෙවී ඇත්නම් ඔහු/ඇයට ශ්‍රී ලංකාව තුළ නිවසක් ඇත්නම් මෙරටට පැමිණි දිනයේ සිට දින 14ක් තම නිවස තුළ නිරෝධායනය විය යුතු බවය.

වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තවදුරටත් පැවසුවේ ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව හෝ දකුණු අමෙරිකාවේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයික් හෝ ද්විත්ව පුරවැසියන්ට අනිවාර්ය නිවෙස් නිරෝධායනය අදාළ නොවන බවත් ඔවුන් වෙනත් මධ්‍යස්ථානයක දින 14ක් නිරෝධයනය විය යුතු බවත්ය.

නමුත් පසුගියදා, සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව හෝ දකුණු අමෙරිකානු රටවල පසුගිය දින 14 තුළ සංචාරය කර ඇති ගුවන් මගීන් ට ශ්‍රී ලංකාවට පැමිණිම තාවකාලිකව තහනම් කර ඇති බවය.

  • ගුවන් යානයට ගොඩ වීමට පැය 96 කට ප්‍රථම කරන ලද PCR පරීක්ෂණයක් හෝ පැය 48 කට පෙර කරන ලද rapid antigen පරීක්ෂණ වාර්තාවක් කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බව තහවරු කරන වාර්තාවක ඉංග්‍රීසි පිටපතක් ඔවුන් සතු වීම අනිවාර්යයි.
  • ශ්‍රී ලංකාවට පැමිණි වහාම PCR පරීක්ෂණයක් කරනු ලැබේ. මෙහි ප්‍රතිඵල ලැබෙන තුරු නිරෝධායනය සඳහා වන හෝටලයක හෝ මධ්‍යස්ථානයක රැඳී සිටීමට සිදුවනු ඇත. එහිදී කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බවට තහවුරු වුනහොත් තමන්ගේ පෞද්ගලික පදිංචි ස්ථානයක් සඳහා යෑමට අවස්ථාව හිමිවේ.
  • ඒ ස්ථානයට ගිය වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අමතා ඒ බව දැනුම් දිය යුතු අතර දිවයිනට පැමිණීමෙන් පසු දින දාහතර සම්පූර්ණ වන තෙක් එම නිවසේ දී ස්වයං නිරෝධායනය ට ලක් වීම අනිවාර්‍ය වේ.
  • එම දින දාහතරක නිරෝධායන කාලය සම්පූර්ණ වීමෙන් අනතුරුව නැවත PCR පරීක්ෂණයකට ලක් කරනු ලබන අතර එහි වාර්තාව පරීක්ෂාකර එහිදීද කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බවට තහවුරු වුවහොත්, නිරෝධායන කාලය සමාප්ත කරනු ලැබේ.

Spread the love

LEAVE A COMMENT

× WhatsApp