ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නැවත යුරෝපා ගමන් ආරම්භය සහ මාස දෙකක් තුල රුපියල් බිලියන 9 ක අලාභය.

ශ්‍රී ලාංකික ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ශ්‍රී ලංකන් ගුවන්සේවය (සැබැවින්ම රටට ආදායම් ගෙන ආ යුතු ලාබ ලබන ගනයේ ව්‍යාපාරයක් වුවද දිගින් දිගටම පාඩු ලැබීම නිසා ඔබෙත් මගෙත් මුදලින් “ නඩත්තු වන“ ව්‍යාපාරයක් ලෙස සලකමු) 2020 අප්‍රේල් සහ මැයි මාස දෙක තුල පමණක් ඩොලර් මිලියන 48.7ක රුපියල් වලින් නම් රුපියල් බිලියන 9ක (1,000,000,000) ශුද්ධ පාඩුවක් වාර්තා කර තිබෙනවා. මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන අන්දමින් 2021 මාර්තු මාසය වන විට “අපේක්ෂිත අලාභය“ අ‘මරිකානු ඩොලර් මිලියන 185ක් හෙවත් රුපියල් බිලියන 34.4ක් (34,400,000,000).

කොවිඩ්-19 වසංගත තත්වය ශ්‍රී ලංකාවේ බොහෝ ක්ෂේත්‍රයන් තුල සුවිශාල ආර්ථික කඩා වැටීමක් ඇතිකිරීමට සමත් වුවත් මේ වන විට එකී බොහෝ ක්ෂේත්‍රයන් නිවැරදි සැලසුමකට අනුව ගමන් කරමින් බිදවැටුනු ආර්ථිකය නැවත සාර්ථකව ගොඩනගා ගැනීමට යම්තාක් දුරකට හෝ සමත්ව තිබෙනවා. නමුත් සංචාරකයන්ගෙන් තොර සංචාරක කර්මාන්තයක් සහ මගීන්ගෙන් තොර ගුවන් ගමන් කර්මාන්තයක් එසේ මොහොතින් ප්‍රාතිහාරයක් මෙන් ලාභ ලබන්නට හෝ අවම වශයෙන් පාඩුව අවම කර ගැනීමට සුදුසු තත්වයකට ගැනීම කල නොහැක්කක්ද?

අගෝස්තු මාසයේ පලමු වෙනිදා සිට ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන් සදහා විවෘත කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කල බව දෙවන කොවිඩ්-19 රැල්ලක අවධානමක් පෙනෙන්නට පෙර නිවේදනය කලත් අද වන විට පවතින තත්වය අනුව එය කල නොහැකි දෙයක් වී ඇත

කොවිඩ් වසංගතය ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ආක්‍රමණය කරන්නට පටන් ගත්තේ මෙම වසරේ මුල් කාර්තුවේදී බව ඔබට අමුතුවෙන් මතක් කල යුතු නැත. කොවිඩ් පිටින් දමා මේ නිසා අලාභ වූවායැයි හිත හදාගන්නට ශ්‍රී ලංකන් සේවය ඉඩ නොදෙන්නේ කොවිඩ් පිලිබදව අප අසා නොතිබුනු 2019 වසරේ පවා රුපියල් බිලියන 44.02ක (රු 44,020,000,000) සුවිසල් අලාභයක් සිදුවීම නිසා මහා භාණ්ඩාගාරයෙන් ඔබත් මමත් ගෙවන බදු මුදලින් පාඩු පියවීමට ගෙවීමට සිදුවූ බැවිනි.

කෙසේවෙතත් ශ්‍රී ලංකන් සේවය මාස ගණනාවකට පසු නැවතත් තම මෙහෙයුම් ඇරඹීමට ලක ලෑස්ති වෙමින් පවතී. රට නැවත විවෘත කිරීමත් සමග විදේශයන්ගේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් පමණක් නොව ලංකාවට කවදත් ආදරය කරන විදේශික සංචාරකයන් පිරිසත් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලාංකික අනන්‍යතාවය “ ශ්‍රී ලංකන් ගුවන් සේවය“ ම තෝරාගනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් සේවය තම සුපුරුදු ගමනාන්ත සියල්ලම ආවරණය කරමින් නැවතත් “සුපුරුදු“ මෙහෙයුම් වාර සියල්ලම ආරම්භ කිරීමක් නම් සිදු නොවන නමුත් විශේෂිත හා සීමිත ගමන් වාර කිහිපයක් ඉදිරියේදී ශ්‍රී ලංකාව නැවත විවෘත වීමත් සමගම ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව කොළඹ – ලන්ඩන් – කොළඹ ජූනි 30 වන දින සිට පහත පරිදි සාමාන්‍ය ගමන් වාර රාශියක් ක්‍රියාත්මක වනු ඇත. UL 503 සහ UL 504 එයාබස් A330-300 ගුවන් යානා ද්විත්වය කොළඹ – ලන්ඩන් දෙදිශාවටම ගුවන් මගීන්ට සේවා සපයනු ඇත.

ලන්ඩන් හැරුනු විට ඉතාලියේ මිලාන් නුවරටත්, ප්‍රංශයේ පැරිස් නුවරටත් ශ්‍රී ලංකන් ගුවන් සේවය තම මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට තීරනය කර ඇත. කෙසේ නමුත් පැරිස් නුවරට හා මිලාන් නුවරට ක්‍රියාත්මක වන්නේ සීමිත ගමන් වාර සංඛ්‍යාවක් පමණකි. බොහෝ විට ශ්‍රී ලංකාව නැවත සැප්තැම්බර්  මාසයේදී සංචාරකයන් සදහා විවෘත කිරීමෙන් පසු නැවතත් සාමාන්‍ය ගමන්වාර ඉක්මනින් ඇරඹීම පිලිබදව බලාපොරොත්තු තබා ගත හැකි නමුත් මේ දක්වාත් ඒ පිලිබදව කිසිදු නිවේදනයක් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නොමැත.

UL 1207 සහ UL 1208 එයාබස් A330-300 ගුවන් යානා ද්විත්වය ඉතාලියේ මිලාන් නුවර සහ කොළඹ අතර සෑම බ්‍රහස්පතින්දා දිනකම සීමිත ගමන් වාර සංඛ්‍යාවක් සම්පූර්ණ කිරීමට නියමිතය.

දිනය ගුවන් යානා අංකය ගමන් ආරම්භය ගමනාන්තය
ජූලි 23 UL 1207 කොළඹ (CMB) මිලාන් (MXP)
ජූලි 30 UL 1207 කොළඹ (CMB) මිලාන් (MXP)
ජූලි 30 UL 1207 කොළඹ (CMB) මිලාන් (MXP)
අගෝස්තු 6 UL 1207 කොළඹ (CMB) මිලාන් (MXP)
අගෝස්තු 13 UL 1207 කොළඹ (CMB) මිලාන් (MXP)
අගෝස්තු 20 UL 1207 කොළඹ (CMB) මිලාන් (MXP)
අගෝස්තු 27 UL 1207 කොළඹ (CMB) මිලාන් (MXP)

මීට අමතරව පැරීසිය බලා UL 563 යානය සෑම බදාදා දිනකම සහ සෙනසුරාදා දිනකම තම මෙහෙයුම් දියත් කිරීමට නියමිතයි.

Spread the love

LEAVE A COMMENT

× WhatsApp