එමිරේට්ස් සියලුම පාරිභෝගිකයින්ට නොමිලේ කොවිඩ් රක්ෂනාවරණයක්

ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සපයන්නෙකු වන එමිරේට්ස් සමාගම තම ගුවන් මගීන්ට ඉතාමත් සුවිශේෂී ජීවතාරක්ෂන පැකේජයක් පසුගියදා හදුන්වා දෙනු ලැබුවා. යම් සංචාරයක් ඇතුලත කිසියම් මගියෙක් කෝවිඩ් 19 රෝගය හේතුවෙන් ප්‍රථිකාර ලැබීමට සිදුවුවහොත් හෝ නිරෝධායනයට යොමු වීමට සිදුවුවහොත්, එමිරේට්ස් සමාගම විසින් ඒ අදාල මගියා වෙනුවෙන් සියළු සෞඛ්‍යය වියදම් දැරීමේ සුවිශේෂ පොරොන්දුවක් ඔවුන්ගේ නිල වෙබ් පිටුව හරහා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව 2020 වසරේ ඔක්තෝබර් 31 වන දින දක්වා එමිරේට්ස් ගුවන් සේවයේ ගමන් ගන්නා සියළුම මගීන් මෙම රක්ෂණාවරනයෙන් ආවරනය වනු ඇත. කෝවිඩ් 19 ලෝක වසංගත තත්වය හමුවේ සමස්ථ ලෝකයේම සංචාරක කර්මාන්තය ගුවන් ගමන් කර්මාන්තය ඇතුළු බොහෝ කර්මාන්තයන් මේ වන විටත් දැඩි බලපෑමකට ලක්ව තිබෙියදී එමිරේට්ස් සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ බියකින් තොරව සංචරණය සදහා මගීන් දිරිගැන්වීම අරමුණු කරගනිමිනි. බහුතරයක් රටවල් සෞඛ්‍ය පහසුකම් නොමිලයේ ඕනෑම අයෙකුට ලබා දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන නිසාත් ඇතැම් රටවල සෞඛ්‍ය වියදම ඉතාමත් අධික නිසාත් බොහෝ දෙනා කොවිඩ් 19ට පසු රටකින් රටකට සංචාරය කිරීමට  බෙහෙවින් බිය වෙනවා. නමුත් එමිරේට්ස් සමාගම මේ ලබා දුන් සහනය නිසා ඕනෑම අයෙකුට හිතේ නිදහසින් බියෙන් සැකෙන් තොරව තම කටයුතු ඉටුකරගැනීම සදහා රටකින් රටකට ගමන් කිරීමට නිදහස ලැබෙනු ඇත.

එමිරේට්ස් සමාගම නිවේදනය කල පරිදි මෙම රක්ෂණාවරනයේ කොන්දේසි පහත පරිදි වේ.

  1. මෙම රක්ෂණාවරනය කෝවිඩ් සම්බන්ද සියළුම සෞඛ්‍යය හා නිරෝධායන වියදම් එමිරේට්ස් මගීන් වෙනුවෙන් දරනු ඇත.
  2. මෙම රක්ෂණාවරණය ලෝකයේ ඕනෑම රටක් සදහා වලංගු වේ.
  3. ඔබ කුමන ගුවන් පන්තියක ගමන් කලද ඔබ ගමන් කල පන්තිය පිලිබදව නොසලකමින් මෙම සේවාව සියළුම මගීන්ට එක හා සමාන ලෙස ලැබෙනු ඇත.
  4. ඔබගේ ගමනාන්තය කුමක් වුවද ඔබ එමිරේට්ස් ගුවන් යානයකින් ඔබේ ගමනින් යම් කොටසක් හෝ ගමන් කලේනම් ඔබ මෙම වරප්‍රසාදය සදහා සුදුසුකම් ලබයි.
  5. ඔබ ගමන් ආරම්භ කල දින සිට දින 31ක කාලයක් සදහා මෙම රක්ෂණාවරනය වලංගු වේ.
  6. 2020 ඔක්තෝබර් මස 31 වන දින දක්වා එමිරේට්ස් ගුවන් සේවාව තෝරාගන්නා සියළුම මගීන් මෙම රක්ෂණාවරනයෙන් ආවරණය වේ.

මෙම සේවාව ලබා ගැනීම සදහා එමිරේට්ස් මගීන් කිසිදු ෆෝරමයක් පිරවීමට හෝ විශේෂ ඉල්ලීමක් කිරීම අවශ්‍ය නොවන අතර යම් සෙයකින් කෝවිඩ් සම්බන්ද ප්‍රථිකාරයකට මගියෙකුට වොමු වීමට සිදුවුවහොත් එමිරේට් වරප්‍රසාදය ලබා ගැනීමට හෝ නොගැනීමට මගියාට හැකියාවක් තිබෙන බව එමිරේට්ස් සමාගම වැඩිදුරටත් නිවේදනය කර ඇත.

යම් මගියෙක් යම් ගමනාන්තයක් වෙත එමිරේට්ස් ගුවන් යානයකින් ගමන් කර ඉන් වෙනත් නගරයකට හෝ රටකට වෙනත් ගුවන් යානයක් මගින් හෝ වෙනයම් ක්‍රමයකට හෝ ගමන් කලද මෙම වරප්‍රසාදය අවලංගු වීමක් සිදුවන්නේ නැති නිසා අනිසි බියක් ඇති කර නොගනිමින් සංචරනය කිරීමට මෙමගින් මගීන්ට අවස්ථාව හිමිවනවා.

මෙම රක්ෂණාවරනය යටතේ මගීන්ට හිමවන පහසුකම් වන්නේ,

  1. සම්පූර්ණයෙන් නොමිලේ ලැබෙන ලොව සියළුම රටවල් ආවරණය කරන සේවාව
  2. යුරෝ 150,000ක සීමාවක් දක්වා කෝවිඩ් 19 ප්‍රථිකාර සදහා රක්ෂණාවරනය
  3. නිරෝධායනට සදහා දිනකට යුරෝ 100 බැගින් දින 14ක් දක්වා රක්ෂණාවරනය
  4. සම්පූර්ණයනේම නොමිලයේ ලැබෙන විසි හතර පැය දුරකථන සහය.

කෙසේවෙතත් එමිරේට්ස් සමාගම විසින් යම් යම් සීමාවන් කිහිපයක්ද මෙම පහසුකම සදහා පනවා තිබෙනවා.

  1. කොවිඩ් 19 සදහා සිදුකරන PCR හෝ වෙනත් හදුනාගැනීමේ පරීක්ෂණ සදහා එමිරේට්ස් සමාගම විසින් ගෙවීමක් සිදු නොකරනු ඇත.
  2. යම් මගියෙක් කොවිඩ් ආසාධිත බව හදුනාගත් වහාම එමිරේට්ස් සමාගම ඒ පිලිබදව දැනුවත් කිරීම අනිවාර්‍යය වන අතර මගියා යම් ලෙසකින් රෝහලට මුදල් ගවීමක් සිදුකලොත් එම ගෙවීම් සදහා නැවත මුදල් ලබා ගැනීමට පහසුකමක් නොලැබෙනු ඇත.
  3. සෞඛ්‍යය පහසුකම් සහා සෘජුව එමිරේට්ස් සමාගම විසින්ම රෝහල හෝ අදාල ආයතනය වෙත ගෙවීම් කටයුතු සිදු කරනු ඇත.
  4. රක්ෂණාවරනය අදාල වන දින 31 ඇතුලත ඔබ කෝවිඩ් 19 ආසාධිතයෙකු ලෙස හදුනාගතහොත් දින 31ක අවසන් වීමෙන් පසුවද ඔබ සුවය ලබන තුරු යුරෝ 150,000ක සීමාව දක්වා ඔබගේ වියදම් එමිරේට්ස් සමාගම විසින් පියවීමට කටයුතු කරනු ඇත.
  5. මෙම සේවාව එමිරේට්ස් සමාගම වෙනුවෙන් ඔබ වෙත ලබා දෙනු ලබන්නේ NEXTCARE රක්ෂණ සමාගම මගිනි.
  6. ඔබගේ රජය විසින් ගමන් නොකරන ලෙස අවවාද කර ඇති රටකට හෝ ප්‍රෙද්ශයකට ඔබ ඇතුළු වුවහොත් මෙම රක්ෂණාවරනය අවලංගු වේ.
  7. යම් හෙයකින් මගියෙකු කොවිඩ් ආසාධනය වී මියගියහොත් සිරුර පිලිබදව අවසන් කටයුතු සිදුකිරීමට අවශ්‍ය ප්‍රවාහන වියදම් එමිරේට්ස් සමාගම විසින් දරනු ඇත.

එමිරේට්ස් ගුවන් සමාගමේ විධායක අධ්‍යක්ෂක ශෙයික් අහමඩ් බින් අල් මක්ටුම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ “ සංචාරක සීමා ඉවත් කිරීමෙන් පසුව වුවද මගින් නැවත ගුවන් ගමන් ඇරඹීමට පසුබට වන නිසා යම් කිසි කණගාටුදායක සිදුවීමකදී වුවත් අවශ්‍ය සහය ලබා දෙමින් මගීන් දිරි ගැන්වීමට එමිරේට්ස් සමාගම ප්‍රමුඛම ජාත්‍යන්තර ගුවන් සේවයක් වශයෙන් කටයුතු කරන බවත් මෙවැනි සේවාවන් තම මගීන් වෙත ලබා දීම තුලින් ඔවුන්ගේ සංචරණයට ඇති බිය අවම කිරීමට කටයුතු කරන බවත්ය“

Spread the love

LEAVE A COMMENT

× WhatsApp