ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සීමා කරයි .

හෙට අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක් ගුවන් යානයකින් මෙරටට පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75ක් ලෙස සීමා කොට ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ.

මෙම සීමා කිරිම හෙට සිට දින 14 ක කාලයක් සඳහා වලංගු වන බව පැවසූ සභාපතිවරයා රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ඉන් පසුව ගන්නා බවද සඳහන් කර සිටියා.

Spread the love

LEAVE A COMMENT

× WhatsApp