කටාර් ගුවන් සේවය නැවතත් වෙනීසිය දක්වා සිය මෙහෙයුම් ආරම්භ කරයි .

කටාර් ගුවන් සේවය නැවතත් වෙනීසිය දක්වා සිය මෙහෙයුම් ආරම්භ කරයි .

ජූලි 15 දින සිය ප්‍රථම ගුවන් වාරය ආරම්භ කල අතර එය දැනට සතියට ගුවන් ගමන් වාර 3 කට පමණක් සීමා වේ . සදුදා, බදාදා සහ සිකුරාදා යන දිනයන් වල ක්‍රියාත්මක වේ .

මේ සදහා බෝයින්ග් B787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානයක් භාවිතා කරනු ඇත .

මෙමගින් වෙනීසියේ සිට දෝහා හරහා ගමනාන්ත රැසකට ගමන් කිරීමේ හැකියාව ලැබේ . වෙනීසියේ සිට නැවත ආරම්භ වන ප්‍රථම ඉන්ටකොන්ටිනල් ගුවන් සේවය ලෙස මෙය වෙනිස් ගුවන් තොටුපල බලධාරීන් විසින් සතුටින් ප්‍රකාශ කරන ලදී .

ගුවන් ගමන් කාල සටහන් පහත දැක්වේ :

QR125 : පිටත්වීම දෝහා 08:20 – වෙනීසියට පැමිණීම 13:15 ( සදුදා, බදාදා, සිකුරාදා )

QR 126 : වෙනිසිය සිට පිටත්වීම 16:05 – දෝහා පැමිණීම 22:30 ( සදුදා, බදාදා, සිකුරාදා )

 

Spread the love

LEAVE A COMMENT

× WhatsApp