ලංකාවේ ඉදන් එද්දී ෆ්ලයිට් එකේ දෙන ෆෝම් එක මොකක්ද ?

පහුගිය ටිකේ ලංකාවේ ඉදන් ආපු අයට flight එකේදී පුරවන්න Form එකක් දීලා තිබුනා . ඉතින් ගොඩක් අයට මේක ප්‍රශ්නයක් වෙලා තිබුනා , මොකද ඒක ඉතාලි භාෂාවෙන් විතරයි දීලා තියෙන්නේ .

ඉතින් අපි මේ ගැන හොයල බැලුවා. ඉතාලි විදේශ කටයුතු අමාත්‍යංශය මගින් පල කල ඇති තොරතුරු අනුව ජූලි 31 දක්වා ඉතාලියට ඇතුල්වන සියලුම දෙනා මෙම ස්වයං ප්‍රකාශනය(AUTODICHIARAZIONE) පුරවා ඉතාලියට ඇතුළුවන ගුවන්තොටුපොළේ ආගමන නිලධාරියාට බාර දියයුතුය .

මීට අමතරව ඔබ ශ්‍රී ලංකාවේ සිට පැමිණෙද්දී transit වෙන රටේ Health Declaration Form වෙනම Airline එකෙන් දෙන්න පුළුවන් .

ඉතාලි සහ ඉංග්‍රීසි භාෂාවෙන් එම පෝරම පහත අමුණා ඇත .

 

මීට අමතරව ඔබ පසුගිය දිනවල ලංකාවේ සිට පැමිණි අයෙක් නම් ඔබගේ අත්දැකීම අපත් සමග බෙදා ගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු .

Spread the love

LEAVE A COMMENT

× WhatsApp