Hand Baggage එකට මොකද වෙන්නේ ?

ජුනි 26 වන සිකුරාදා වන විට සියලුම ජාතික හා ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අත් ගමන් මලු තහනම් කර ඇති බව ඉතාලි බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

රීතිය වෙනස් කිරීම ජාතික සිවිල් ගුවන් සේවා අධිකාරිය (ENAC) විසින් පැහැදිලි කර ඇති අතර, එය “සෞඛ්‍ය හේතූන් මත” ඕනෑම වර්ගයේ ගමන් මලු ගුවන් යානය තුලට රැගෙන යාම තහනම් කර තිබේ.

මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ සිට පැමිණීමේදී Emirates සහ Qatar ගුවන් සේවය සියලුම ගුවන් මගීන්ට එම බර ප්‍රමාණය ( 7Kg ) තමන්ගේ පරීක්ෂා කළ ගමන් මලු දීමනාවට(Checked Baggage Allowance ) එකතු කර සකස් කර ගත හැක .

උදා : ඔබට ගෙනයා හැකි බර ප්‍රමාණය කිලෝ 40 ක් නම් දැන් ඔබට කිලෝ 47 ක් ලෙස එය අසුරා ගත හැක . ( ගමන් මලු දෙකකට අසුරා ගැනීම තවත් පහසු වේ )

Spread the love

LEAVE A COMMENT

× WhatsApp